ලෝක ප්‍රකට පාපන්දු තරුව, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගෙන් තවත් පිස්සු හැදෙන වාර්තාවක්
සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පාපන්දු ක්‍රීඩාවේ පළමු බිලියනපති ක්‍රීඩකයා බවට පත්ව ඇත.
ඒ අනුව බ්ලූම්බර්ග්මාධ්‍ය ආයතනය වාර්තා කරන ආකාරයට රොනාල්ඩෝගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 1.4ක් වශයෙන් තක්සේරු කර තිබෙන බව සඳහන්.
ඔහුගේ වයස අවුරුදු 40ක් වේ. මේ වන විට පෘතුගාලය සහ අල්-නස්ර් කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයා වන රොනාල්ඩෝගේ ධනය, ලොව ධනවත්ම පුද්ගලයින් ඔවුන්ගේ ශුද්ධ වත්කම් මත පදනම්ව සොයා බලන බ්ලූම්බර්ග් ප්‍රකෝටිපති දර්ශකය මඟින් පළමු වරට තක්සේරු කර ඇති බව වාර්තා වුණා.
එම තක්සේරුව ඔහුගේ වෘත්තීය ජීවිතයේ ආදායම ආයෝජන සහ අනුමත කිරීම් සැලකිල්ලට ගනිමින් සිදු කර තිබෙන බවත් සඳහන්.
මේ අතර ඔහුගේ වැටුප් ආදායම 2002 සහ 2023 අතර කාලය තුළ වැටුප් ලෙස ඩොලර් මිලියන 550කට වඩා උපයා ඇති බව වාර්තා වේ.
එසේම දශකයක් පුරා ක්‍රියාත්මක වන නයික් (Nike) සමඟ ඇති ගිවිසුමක් මඟින් වසරකට ඩොලර් මිලියන 18කට ආසන්න ආදායමක් ඔහුට හිමි බව ද පවසයි.
2022 වර්ෂයේ දී රොනාල්ඩෝ සෞදි ප්‍රෝ ලීගයේ අල්-නස්ර් සමාජයට සම්බන්ධ වූ විට, ඔහු වාර්තා වන පරිදි පාපන්දු ඉතිහාසයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත් විය.
එහිදී ඔහුගේ වාර්ෂික වැටුප පවුම් මිලියන 177කි. එමෙන්ම ඔහුගේ කොන්ත්‍රාත්තුව 2025 ජුනි මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණු බව ද සඳහන්.
මේ අතර රොනාල්ඩෝ විසින් නව වසර දෙකක ගිවිසුමක් අත්සන් කර ඇති බව ද වාර්තා වේ.
එම නව ගිවිසුම ඩොලර් මිලියන 400කට වඩා වටිනා අතර එමඟින් ඔහුගේ 42 වන උපන්දිනයෙන් පසුවත් ඔහුව එහි රඳවා ගනු ඇති බව පැවසේ.
බ්ලූම්බර්ග් සඳහන් කරන්නේ රොනාල්ඩෝගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ආර්ජන්ටිනාවේ සහ ඉන්ටර් මියාමි ඉදිරි පෙළ ක්‍රීඩකයා වන ලයනල් මෙසී සිය වෘත්තීය ජීවිතය තුළ බදු ගෙවීමට පෙර වැටුපෙන් ඩොලර් මිලියන 600කට වඩා උපයා ඇති බවයි.
එමෙන්ම වයස අවුරුදු 38 ක් වන මෙසී 2023 සිට ඉන්ටර් මියාමිහිදී ඩොලර් මිලියන 20ක සහතික කළ වාර්ෂික වැටුපක් ලබයි.
එසේම මෙම මුදල එම කාල සීමාව තුළ රොනාල්ඩෝගේ ආදායමෙන්10%ක් පමණ වන බවත් වාර්තා වේ.