ශ්‍රී ලංකාව අවතක්සේරු කල මාධ්‍යවේදියාට ඉන්දීය නායකයා දුන් සැර උත්තරය (VIDEO)

Report
105 Shares

ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 6කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබුනා. එම තරඟය ඉන්දීය කණ්ඩායම පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ජාවකදී මෙරට මාධ්‍යවේදියෙකු ඉන්දීය කණ්ඩායම් නායක රෝහිත් ශර්මා ගෙන් විමසා සිටියේ ශ්‍රී ලංකාව තරඟාවලිය ආරම්භයේදී ආසියානු කුසලානය දිනා ගැනීමට තරම් මානසිකත්වයක නොසිටි බැවින් මෙම පරාජය ඔවුන් බලාපොරොත්තු වූ පරාජයක් ද යන්නයි.

එයට පිළිතුරු දුන් රෝහිත් ශර්මා කියා සිටියේ මෙම තරඟාවලියේ ක්‍රීඩා කරන හැම කණ්ඩායමක්ම දක්ෂ කණ්ඩායම් බවත් ශ්‍රී ලංකා කණ්ඩායම යනු කිසිම අවස්ථාවක අවතක්සේරු නොකළ යුතු කණ්ඩායමක් බවයි. පැවති මාධ්‍ය සාකච්චාවකදී ඉන්දීය කණ්ඩායම් නායක රෝහිත් ශර්මා කල ප්‍රකාශය පහතින්

මාධ්‍යවේදී :" ශ්‍රී ලංකාව මුලදී ආසියානු කුසලානය දිනා ගැනීමට තරම් මානසිකත්වයෙන් නොවෙයි හිටියේ .ඔබ මේ පරාජය බලාපොරොත්තු වුනාද ?"

රෝහිත් ශර්මා : " මේකේ හැම කණ්ඩායමක්ම දක්ෂ කණ්ඩායම්.මට ඔයාගේ ප්‍රශ්නය ගැන සැකයි .ඔයා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම දස්කම් අතරට නොපැමිණෙන එකද ?. අපි ක්‍රීඩා කරනකොට කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්නේ නැහැ. අනික පසුගිය තරඟ දෙක ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු හැටි අපි හැමෝම දැක්කා. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරපු විලාශය ගැන අපි පුදුම වෙන්නේ නැහැ.ඔවුන් දක්ෂයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now