හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - ප්‍රබල නෝඊස්ටර්’කුණාටුව ඊසානදිග ප්‍රදේශයට
ප්‍රබල ‘නෝඊස්ටර්’කුණාටුව අමෙරිකාවේ ඊසානදිග ප්‍රදේශ දෙසට ගමන් කිරීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රාන්ත සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
කුණාටුව සක්‍රිය වීමත් සමඟ වෙරළබඩ ප්‍රදේශ ජලයෙන් යටවීම, විදුලි බලය බිඳවැටීම, ප්‍රවාහන බාධා මෙන්ම ප්‍රසිද්ධ උත්සව රැසක් අවලංගු කිරීමට සිදුවීම නිසා මිලියන සංඛ්‍යාත ජනතාවක් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටිති.
අයහපත් කාලගුණය හේතුවෙන් බොස්ටන් නුවර පැවැත්වීමට නියමිතව තිබූ සුප්‍රකට ගායක එඩ් ෂීරන්ගේ සංගීත ප්‍රසංගය ද අවලංගු කර ඇත.
අමෙරිකානු ජාතික කාලගුණ සේවයට අනුව වර්ජිනියා සිට මේන් දක්වා වූ ප්‍රදේශවලට තද වැසි සහ සුළං තත්ත්වයක් පුරෝකථනය කර ඇති අතර, නිව්යෝර්ක් සහ බොස්ටන් ඇතුළු නගර රැසකට දරුණු වෙරළබඩ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී.
මේ වන විට ගෘහස්ථ පාරිභෝගිකයන් 100,000කට වැඩි පිරිසකට විදුලි බලය අහිමි වී ඇති අතර, ගුවන්ගමන් 1,199ක් සම්පූර්ණයෙන්ම අවලංගු කර තවත් ගුවන්ගමන් 2,400කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.