අඹුසැමි යුවලගේ මුදල්, කාර් රථය සහ රණ් ආභරණ කොල්ල කෑ සැකකරුවන් පොලිස් දැලේ

By Gagana News Mar 17, 2025 08:10 PM GMT
Report

ත්‍රීකුණාමලය, සංඝමිත්තා වෙරළ තීරය අසල ඇති මුවන් නැරඹුම් ස්ථානයට ඊයේ(16) දහවල් කාලයේ අඹුසැමි යුවළක් පැමිණ ඇති අතර එම ස්ථානයට කාර් රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම අඹුසැමි යුවළට තර්ජනය කර බියගන්වා ඔවුන් පැමිණි කාර් රථය, මුදල් හා රන් ආභරණද කොල්ල කා පලා ගොස් ඇති පුවතක් වාරතා වේ.

ඊයේ සවස කින්නියා පාලම අසලදී ත්‍රීකුණාමලය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී ‍ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 හා 35 වයස්වල පසුවන ත්‍රීකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

කොල්ලකන ලද කාර් රථය, කොල්ලකරුවන් පැමිණි කාර් රථය හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු හා දේපළ අත්අඩංගුවට ගැනීමට ත්‍රීකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

හදිසියේ ඉහල යන වාහන මිල... රේගුවේත් වාහන හිර වෙලා...හේතුව මෙන්න VIDEO UPDATED

පුෂ්පිකාගේ කිරුල ගැලවීමේ නඩුව... බස්නායකට වරෙන්තු...

පුෂ්පිකාගේ කිරුල ගැලවීමේ නඩුව... බස්නායකට වරෙන්තු...