උඩු ගුවනේදී සිදු වූ මංකොල්ලය

Report

අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක දී ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් සොරා ගෙන ඇත.

රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනාකමකින් යුත් මෙම මුදල චීන ජාතිකයෙකු විසින් සොරා ගත් බව සඳහන්.

ඒ අනුව ඔහුව අද (11) දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 54 ක පුද්ගලයෙක් වන අතර ඔහු එම යානයේ පැමිණි එකම චීන ජාතිකයාද වී ඇත.

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම තොරතුරු.. - මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට..

සොරා ගත් මුදල ගුවන් යානයේ ගමන් ගත් වයස අවුරුදු 81 ක ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඇමෙරිකානු කතෝලික පූජකවරයෙකුට අයිති වූවක් බව වාර්තා වේ.

එහි දී තවදුරටත් සඳහන් වූයේ අඳාළ මුදල පූජකවරයා රැගෙන විත් ඇත්තේ ශ්‍රී ලංකාවේ ජීවත් වන තම වැඩිමහල් සොහොයුරිගේ වෛද්‍ය ප්‍රතිකාරවලට දීමට ඇයට පරිත්‍යාග කිරීමට බවයි.

නමුත් යානය අබුඩාබි නුවරින් පිටත් වී සුළු මොහොතකට පසු පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල මෙසේ සොරා ගෙන ඇත.

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ඉන්පසු මේ බව ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තුමේන්තු නිලධාරීන් හා එක් වී අඳාළ චීන ජාතිකයාව අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.