දුම්රියක් පැහැරගනියි -16ක් මරුට... මෙන්න තොරතුරු

Pakistan ISIS Terrorist Train Crash
By Akash Mar 12, 2025 10:04 AM GMT
Akash

Akash

Report

පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් සිට මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන යමින් සිටි දුම්රියක් බෙදුම්වාදී සටන්කාමීන් විසින් සිය ග්‍රහණයට හසුකරගෙන ප්‍රහාර එල්ලකිරීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් ඇති බව පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

නිරිතදිග බලුකිස්ථානයේ ක්වෙටා සිට පෙෂාවර් දක්වා මෙම දුම්රිය ගමන් ගනිමින් සිටියදී ඊයේ මෙම සිදුවීම ඇතිව තිබේ. මියගිය අයගෙන් 9 දෙනෙකු ආරක්ෂක නිලධාරීන් වූ අතර බෙදුම්වාදීන්ගේ ප්‍රහාරයෙන් දුම්රිය රියදුරුද ඝාතනය කර ඇත.

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි!

වෛද්‍යවරියව කෘෘර ලෙස දූෂණය කළ සැකකරු ගැන සියල්ල හෙළිවෙයි!

ඔවුන් පාකිස්ථානයේ සිට බලුකිස්ථාන් බෙදුම්වාදී සටන් ඛාණ්ඩයේ බැරෝච් විමුක්ති හමුදාවට අයත් සටන්කරුවන් (BLA) බව පැවසේ. ක්වෙටා සිට කිලෝමීටර 160 ක් (සැතපුම් 100 ක්) පමණ ඈතින් පිහිටි සිබි නගරය අසල උමං මාලාවක් පසුකරමින් යන ජැෆර් සීඝ්‍රගාමී දුම්රිය ඔවුන්ගේ ඉලක්කය වී ඇත.

උමං මාර්ගය තුළදී සන්නද්ධ කිහිපදෙනකු විසින් දුම්රිය නවත්වා ඇති අතර සියලු සංසිද්ධීන් ඇරඹී ඇත්තේ ඉන් පසුවයි.

ආරක්ෂක අංශ දුම්රිය මුදාගැනීමේ අසීරු මෙහෙයුමක නිරත වන අතර ඔවුන් සහ සටන්කාමීන් අතර සිදුවූ වෙඩි හුවමාරුවේදී පුද්ගලයන් මියගියේද නැතහොත් සටන්කාමීන් කුමන අවස්ථා‍වේදී පුද්ගලයන් මරාදැමුවේද යන්න පිළිබඳ පැහැදිලිතාවක් නොමැති බව ද එරට වාර්තා පවසයි.

LGBTQ ගැන පොලිසියට පාඨමාලාවක්!

LGBTQ ගැන පොලිසියට පාඨමාලාවක්!

කෙසේවෙතත් දුම්රිය සිය ග්‍රහණයට පූර්ණ වශයෙන් නතුකරගත් බෙදුම්වාදීන් දරුවන් සහ කාන්තාවන් සිය ආරක්ෂාව වෙනුවෙන් මිනිස් පළිහක් ලෙස භාවිත කළ බව ද වාර්තාවල දැක්වේ.

කාන්තාවන්, ළමුන් සහ වැඩිහිටියන් ඇතුළු මගීන් 70 කට ආසන්න සංඛ්‍යාවක් සිද්ධිය වූ ප්‍රදේශයේ සිට දළ වශයෙන් කිලෝමීටර් 6 ක් පමණ පනීර් දුම්රිය ස්ථානයට දුම්රිය මාර්ගය ඔස්සේ පාගමනින් පැමිණි බවත් එරට වාර්තා පවසයි.

104 දෙනකු පමණ ආරක්ෂක අංශ විසින් මුදාගත් බව ද පැවසේ. ඒ අතර පිරිමි 58ක්, කාන්තාවන් 31 ක් සහ දරුවන් 15 දෙනෙකු ද සිටින බව සඳහන් ය.

මෙම දුම්රිය ගමන කිලෝමීටර් 1660කින් සමන්විත ය.

ReeCha