LGBTQ ගැන පොලිසියට පාඨමාලාවක්!

Sri Lanka Police LGBTQ
By Shehan Mar 12, 2025 09:38 AM GMT
Shehan

Shehan

Report

නෙදර්ලන්තයේ ආධාර ඇතිව මෙරට පොලිසියට සමරිසි ප්‍රජාව පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ වී තිබේ.

කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ පැවැත්වෙන මෙම පාඨමාලාව, සමරිසි ප්‍රජාවේ අයිතිවාසිකම් පිළිබඳ නිලධාරීන්ගේ අවබෝධය වැඩි දියුණු කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාධාරණ සැලකිලි සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

​සුඛෝපභෝගී හොර වාහන 2267ක් හඳුනා ගැනේ

​සුඛෝපභෝගී හොර වාහන 2267ක් හඳුනා ගැනේ

LGBTQ+ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලාංකික සංවිධානයක් වන Eruite හි විශේෂඥ උපදේශකයින් විසින් පවත්වනු ලබන මෙම පස් දින හඳුන්වාදීමේ පාඨමාලාවේ පළමු කණ්ඩායම ලෙස පොලිස් නිලධාරීහු 24 දෙනෙක් සිය අධ්‍යයන කටයුතු පසුගියදා ආරම්භ කළහ.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිනි බොනී හෝර්බාක් මහත්මිය සහ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සමග පසුගිය සතියේ මේ වැඩසටහනේ ආරම්භය සිදු කෙරිණි.

ReeCha