ඩෙංගු රෝගීන් වැඩි වීමේ අවදානමක්.

By Hashini Sep 13, 2023 07:13 AM GMT
Report

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, සැප්ම්තැම්බර් මාසයේ ගතවූ දින කිහිපය තුළ ඩෙංගු රෝගීන් 1,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.

වර්ෂාවත් සමඟ ඇතැම් ප්‍රදේශවල මදුරු ඝනත්වය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා සඳහන් කරනවා.

''දිවයින පුරා මේ දක්වා ඩෙංගු රෝගීන් 63,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ මාසයේ දින 12 වන විට රෝගීන් 1,000ක වගේ ප්‍රමාණයකට ළඟාවෙලා තියෙනවා.

දෛනිකව වාර්තාවන රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් පසුගිය කාලයේ අඩුවීමක් දකිනවා.

දිනකට රෝගීන් 300කට අධික ප්‍රමාණයක තිබුණ රෝගීන් ප්‍රමාණය 100 දක්වා අඩුවෙලා තියෙනවා.

එය හොඳ ප්‍රවණතාවයක්. වර්ෂාව තුළ දිවයිනේ ඇතැම් පළාත්වල විශේෂයෙන් බස්නාහිර සහ දකුණු පළාත සහ මධ්‍යම පළාත ඇතුළු පළාත් කිහිපයක රෝගීන්ගේ වර්ධනයක් වාර්තා වෙනවා.

වර්ෂාවත් එක්ක රෝගය පැතිරීමේ අවදානමක් තියෙනවා.''