රෝහල්වල සිරින්ජර් හිඟයක් මතු වීමේ අවදානමක්...

Report

රජයේ රෝහල් වල සිරින්ජර් හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ ඖෂධ එන්නත්කරණය, රුධිර පරීක්ෂාවන් ඇතුළු සේවාවන් රැසකට ඉන් බාධා එල්ල විය හැකි බවයි.

මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව මිලිලීටර 10 සහ මිලිලීටර 20ට අදාළ සිරින්ජර් කිසිවක් නොමැති අතර, තත්ත්වයෙන් බාල වීම හේතුවෙන් අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයක් වෛද්‍ය සැපයුම් අංශය විසින් අත්හිටුවා තිබෙනවා.

මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජර අවශ්‍යතාවන් සඳහාද කුඩා ප්‍රමාණයේ තොගයක් පවතින මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර වැඩි වශයෙන් යොදා ගැනීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේ දී අවසන් වීමට නියමිත බවද එම සමිති පවසනවා.

රෝහල්වල සිරින්ජර් හිඟයක් මතු වීමේ අවදානමක්... | Risk Of A Shortage Of Syringes In Hospitals

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසන්නේ මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා 8000කට අධික පොරොත්තු ලේඛනයක් පවතින බවයි.

සභාපතිවරයා පවසන්නේ කොළඹ ජාතික රෝහලේ පවතින එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 3න් එක් යන්ත්‍රයක් අක්‍රීයව පවතින අතර තවත් යන්ත්‍රයක් අර්ධ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවයි.

එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 14ක් දිවයින පුරා රෝහල් 11ක් තුළ පවතින අතර එයින් යන්ත්‍ර 3ක් කොළඹ ජාතික රෝහලේත්, යන්ත්‍ර 2ක් මහනුවර ජාතික රෝහලේත් පවතිනවා.

එසේම එන්ජියෝග්‍රෑම් යන්ත්‍රය බැගින් යාපනය, පොළොන්නරුව , අනුරාධපුර, කුරුණෑගල, රාගම, කළුතර, කරාපිටිය, බොරැල්ල රිජ්වේ ආර්යා සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක යන රෝහල්වල පවතිනවා.

එසේම කොළඹ ජාතික රෝහල වෙත ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් පැමිණෙන්නේ එම දිස්ත්‍රික්කවල කිසිදු රෝහලක එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර නොමැති වීම හේතුවෙනි.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින සියලු ආයතනයන්හි ප්‍රධානීන් සතියකට වරක් කැඳවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරන බවයි.

රෝහල්වල සිරින්ජර් හිඟයක් මතු වීමේ අවදානමක්... | Risk Of A Shortage Of Syringes In Hospitals

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. 

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කින් අවසන්....

පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කින් අවසන්....