පාස්කු ප්‍රහාරයේ විමර්ශන 90%කින් අවසන්....
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසන්නේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශන කටයුතු වලින් 90%ක් අවසන් කර ඇති බවයි.
ඊයේ (23) ආරක්ෂක අමාත්‍යංශයේ සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පැවසුවා.
එහිදී දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂයට එරෙහිව ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර, වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 76ක්ද, විරුද්ධව ඡන්ද 08ක්ද හිමි වුණා.
විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂයන් අද (24) විවාදයට ගැනීමට නියමිතයි.