දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ මාරාන්තික නිපා වෛරසය මේ වනවිට පාලනය කර තිබුණද එම වෛරසයේ දෙවන වසංගත රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව කේරළ ප්‍රාන්තයේ ප්‍රධාන ආමාත්‍ය පිනාරායි විජයන් පවසනවා.
කේරළ ප්‍රාන්තයේ වසා දමා තිබු පාසල් හා සාප්පු,බැංකු සඳහා සීමාවන් යටතේ විවෘත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නිපා වෛරසයේ දෙවැනි රැල්ල ඇතිවීම අවම මට්ටමක පවතින බවත්, එය බැහැර කිරීමේ හැකියාවක් නොමැති බව එරට සෞඛ්‍ය නිලධාරින් පවසන්නේ.
1999 වසරේ මුල් වරට මැලේසියාවෙන් හඳුනා ගත් නිපා වෛරසය පසුගියදා යළිත් කතා බහට ලක් වුයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ පැතිර යාමත් සමඟයි.