උණුසුම මැද ඖෂධ මිලත් ඉහළ යන ලකුණු - සමාගම් රැසකින් ලිපි
ඖෂධ මිල ගණන් වැඩිවීමේ අවදානමක් මතුව ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසා ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදේශ විනිමය අනුපාත ඉහළ යාම, නිෂ්පාදන වියදම්, ප්‍රවාහන සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම ආදී කාරණා සැලකිල්ලට ගෙන දැනට මිල පාලනයට යටත් කොට ඇති ඖෂධ වර්ග 60 හි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ නංවන බව මෙම සමාගම් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ලිපි යොමු කර තිබෙන බව සඳහන්.
එමෙන්ම සභාපතිවරයා තවදුරටත් පැවසුවේ ඖෂධ වර්ග හැටකට මිල පාලනයක් දමන විට ඇමරිකානු ඩොලරය රුපියල් 295 ට පැවැති බවයි.
දිනපතා පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරන්න - චතුරංග රටින්ම ඉල්ලයි
එහෙත් ඊයේ (24) වනවිට ඩොලරයේ අගය රුපියල් 317.5 දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඖෂධ ආනයනයේදී අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව සඳගන් කර ඇත.
ඒ අනුව දැනට පාලන මිලක් නියම කර ඇති ඖෂධ වර්ග හැටෙහි මිල ගණන් සියයට හතකින්වත් ඉහළ දැමිය යුතු තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනෙකුත් ඖෂධ වර්ග ගෙන්වීමේදී නිෂ්පාදන වියදම් ඉහළ යාම, නෞකා ගාස්තු, රක්ෂණ ගාස්තු හා ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඖෂධ ආනයනික පිරිවැය වැඩිවී ඇති බව ද ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන්.
ඒ අනුව මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය හා අනෙකුත් ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර පවතින තත්ත්වය හමුවේ ඒවා ගෙන්වීමට යන පිරිවැය වැඩිවී ඇති බව ද ඔහු පවසා ඇත.
එමෙන්ම දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයද සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් ඖෂධ මිල වැඩි කිරීමට ඉඩ දෙන මෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඒ අනුව දේශීය ඖෂධ නිෂ්පාදකයෝ කියා සිටින්නේ දේශීයව සකසන ඖෂධ බහාලන ඇසුරුම්වල සිට සියලුම අමුද්‍රව්‍යවල මිල ගණන් සහ නිෂ්පාදන පිරිවැය වැඩිවීම හේතුවෙන් මිල වැඩි කිරීමට සිදුව ඇති බවයි.
එසේම දේශීයව ඖෂධ වර්ග 250 ක් පමණ නිපදවන බවද ඔවුන් පවසන අතර එම ඖෂධ නිෂ්පාදන සමාගම් දහතුනක් මෙරට ක්‍රියාත්මක වේ.