ආහාර හිඟයක් ගැන නාමල් යළි කට අරී
මෙරට පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණය දැනටමත් රට තුළ ඇති බැවින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සදහන් කර තිබේ
. එතුමා වැඩි දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
''සමහර අය සංතෝශයෙන් බලාගෙන ඉන්නවා .ඉදිරියෙදී ආහාර හිගයක් , හාල් හිගයක් එනවනම්. එනවනම් ශෝක් .එයින් සතුටක් ලබන ඇතැම් අය ඉන්නවා. සමහරවිට දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන් . අපි ඒ අයට ප්‍රකාශ කරන්න කැමතියි ඒ සතුට භුක්ති විදින්න අපි ඉඩක් තියන්නේ නැහැ කියලා . අපේ ගොවි ජනතාව,රජයේ අමාත්‍යංශය ,ඒ වගේම රාජ්‍ය ආයතන ඒකට සූදානම්. වැඩිම යල කන්නයේ වී අස්වැන්න ගිය යල කන්නයේ ගත්තා. අම්පාරෙ විතරක් මෙට්‍රික් ටොන් 25000 කට වැඩි අස්වැන්නක් ගත්තා. අපි ගංවතුර එද්දී හෙක්ටයාර් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් වගා කරලා තිබුණා. මේ වනකොට පූර්ණ හානි වෙලා තියෙන්නේ හෙක්ටයාර් පනස්දාහකට අඩු ප්‍රමාණයක් . ඒ හින්දා හාල් හිගයක් එන්න විදිහක් නැහැ ''