සහල් හිගයක්... පාලන මිල වෙනස් වීමේ අවදානමක්...

By Akash May 29, 2025 12:20 AM GMT
Report

මාස් කන්නයේදී රජයේ වී මිලදී ගැනීම අසාර්ථකවීම නිසා මේ වනවිට වෙළෙඳපොළ තුළ යළි කීරී සම්බා හිඟයක් ඇති වී තිබේ. එමෙන්ම සම්බා සහ නාඩු සහල් පාලන මිල අබිබවමින් අලෙවි කිරීමෙන් පාරිභෝගිකයන් අපහසුතාවට ලක්ව ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති, අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

කොරෝනාට මුහුණ දෙන්න හදිසියේම රටවල් සීරුවෙන් තබයි....සැලකිලිමත් වන්න

පසුගිය මාස් කන්නයේ රජයේ සහතික මිල අබිබවා පෞද්ගලික අංශය වැඩි මිලට වී මිලදී ගැනීම නිසා පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි බව සහල් කර්මාන්තකරුවන් පැවසුවද රජය ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නැතැයි හෙතෙම චෝදනා කළේය.

සම්බා සහ නාඩු සහල් මේ වනවිට වෙළෙඳුන් පාලන මිලට වඩා වැඩි මිලට අලෙවි කළ ද පාරිභෝගික අධිකාරිය මුනිවත රැකීම කනගාටුවට කරුණක් බව ඒ මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති කියන කතාව

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන පොලිස්පති කියන කතාව

මේ තත්ත්වය යටතේ වෙළෙඳපොළේ සහල් කළමනාකරණය කිරීමේ රජය සතු අධිකාරී බලය අත්හැර දමා ඇති අතර ව්‍යාපාරිකයන්ගේ මිලට යටත්ව, නැවත සහල් පාලන මිල ගැසට්ටුවක් නිකුත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි ද අනුරාධ තෙන්නකෝන් මහතා විශ්වාසය පළ කළේය.