නියමිත මිල ගණන් ගැන දැනුවත් වෙන්න.. වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා අද සිට වැටලීම්..

Consumers Welfare Association Sri Lanka Government Of Sri Lanka Rice
By Piyumika Dec 10, 2024 07:23 AM GMT
Piyumika

Piyumika

Report

රජය විසින් නිකුත් කළ උපරිම මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳුන් සොයා අද (10) සිට වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

සහල්වලට උපරිම මිලක් සහිතව රජයෙන් ගැසට්ටුවක්...

එම අධිකාරියේ සභාපති, හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඊයේ (09) දිනයේ දී සහල් සඳහා නියම කෙරුණු උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය අනුව එම තීරණය ගත් බවය.

නව සහල් මිල ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක එම සහල් මිල ඉක්මවා සහල් අලෙවි කරන ඕනෑම අයෙකුට එරෙහි නීතියානුකූලව කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.

සුරා බදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ..

සුරා බදු දෙපාර්තුමේන්තුවට නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ..

"ඒ නිසා මම කාරුණිකව ඉල්ලා සිටිනවා, වෙළෙඳ ප්‍රජාවගෙන්, නිෂ්පාදකයින්ගෙන් හා තොග වෙළෙඳන්ගෙන් වගේම පාරිභෝගිකයින්ගෙන් අප විසින් ප්‍රසිද්ධියට පත්කළ තියෙන මිල අනුව තමන්ගේ සහල් ප්‍රමාණය මිලදී ගන්න. කිසියම් හෝ අකටයුත්තක් හෝ අධික මිලකට සහල් විකිණීමක් සිදුවන්නේ නම් ඒ ගැන පාරිභෝගික අධිකාරියේ 1977 අංකයට පැමිණිලි කළ හැකියි. ඒ වගේම පාරිභෝගික අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට හා ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කළ හැකියි."

You may like this video

ReeCha