වෙළෙඳපොළේ සහල් හිඟය - කීරි සම්බා මිල යළි ඉහළට!

By Shehan Mar 22, 2025 08:37 AM GMT
Report

ඇතැම් ප්‍රදේශවල දැනට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ඇති වී ඇති අතර, එම සහල් වර්ගවල මිල ද ඉහළ ගොස් තිබේ.

පරිභෝගික ජනතාව පවසන පරිදි, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 300කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 270කටත් අලෙවි වෙමින් පවතී.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනුවත්ද?

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය ගැන ඔබ දැනුවත්ද?

සහල් සඳහා පනවා ඇති උපරිම මිල ගණන් වෙනස් කර ඇති බව පවසමින්, ඇතැම් මෝල් හිමියන් සහ තොග වෙළෙඳුන් විසින් සිල්ලර වෙළෙඳුන්ට සහල් වැඩි මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කරයි.

එහෙත්, සහල් සඳහා පනවා ඇති තොග මිල සහ උපරිම සිල්ලර මිල වෙනස් කර හෝ ඉවත් කර නොමැති බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරයි.

බිරිඳගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිඳ සමග රට පනින්න සූදානම්ලු!

බිරිඳගේ ප‍්‍රාඩෝව සොරාගත් මාලිමා මන්ත‍්‍රි අනියම් බිරිඳ සමග රට පනින්න සූදානම්ලු!

ඒ අනුව, කැකුළු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 220ක්, නාඩු සහල් කිලෝවක මිල රුපියල් 230ක්, සම්බා සහල් කිලෝවක මිල රුපියල් 240ක් සහ කීරි සම්බා සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් 260ක් ලෙස පවතින බව අධිකාරිය සඳහන් කළේය.