යළි පෝලිම් යුගයක් එයි..ගෝඨාභයට සිදු වූ දේ අනුරටත් වෙයි ද?

By Aruna Dec 07, 2024 07:35 AM GMT
Report

පවතින හිඟයට පිළියමක් ලෙස සහල් සහ පොල් අඩු මිලට පාරිභෝගිකයින්ට ලබා දීමට ලංකා සතොස ආයතනය පියවර ගනු ලැබුවත් සතොස අලෙවිසැල්වලින් තමන්ට නිසි ලෙස ඒවා ලබා ගැනීමට නොහැකි බවට පාරිභෝගික ජනතාව චෝදනා කර සිටිනවා.

ලංකාවේ ඉදිරි දින කිහිපය තුළ සිදුවන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..

ලංකාවේ ඉදිරි දින කිහිපය තුළ සිදුවන දෙයක් ගැන විශේෂ දැනුම්දීමක්..


සතොස හරහා එක් පාරිභෝගිකයෙකුට රුපියල් 220 බැගින් නාඩු සහල් කිලෝ 5ක් සහ රුපියල් 130 බැගින් පොල්ගෙඩි 3ක් මිලදී ගත හැකි බවයි රජය විසින් දැනුම්දෙනු ලැබුවේ.

කෙසේ වෙතත් ඇතැම් සතොස වෙළෙඳසැල්වලට නිසි පරිදි සහල් සහ පොල් තොග ලැබී නොමැති බවටයි, ජනතාව චෝදනා කරන්නේ.

වයස අවුරුදු 12 ට අඩු බාලවයස්කරුවන් සම්බන්ධයෙන් රජය කරන්න යන දේ මෙන්න.

වයස අවුරුදු 12 ට අඩු බාලවයස්කරුවන් සම්බන්ධයෙන් රජය කරන්න යන දේ මෙන්න.


මේ අතර, පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් රජය නියම කළ රුපියල් 130ක මුදලට පාරිභෝගිකයින්ට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ඊයේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණේ බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීය.

"කප්තුරුපාය" අලෙවි සැලන් පොල් මිලදී ගැනීම සඳහා මෙලෙස පාරිභෝගිකයන් දිගු පෝලිම්වල රැදී සිටියේ ය.

You May Like This Video