කාන්තාවකගෙන් රුපියල් 60,000ක මුදලක් අල්ලස් ඉල්ලු ආදායම් පරීක්ෂකවරුන්ට වැඩ වරදී..

Report

රුපියල් 60,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත .

ඇත්තටම ලොව සුන්දරම ගැහැණිය පිරිමි ආත්මයක යළි උප්පත්තිය ලබලාද..?

ඇත්තටම ලොව සුන්දරම ගැහැණිය පිරිමි ආත්මයක යළි උප්පත්තිය ලබලාද..?

එම කොමිසම සඳහන් කළේ, ඉඩමේ පිහිටි සැලැස්ම ප්‍රදේශීය සභාවෙන් අනුමත නොකර ඉදිකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට නීති මඟින් කටයුතු නොකර සිටීම සහ එය කඩා ඉවත් නොකිරීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවය. ප්‍රථමයෙන් එම කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 350,000ක මුදලක් ඉල්ලා ඇතත් පසුව එය ලක්ෂයක් දක්වා අඩු කර නැවතත් එම මුදල රුපියල් 60,000ක් දක්වා අඩු කර ඇති බවය.

තනිව නිවසට ගිය පස් හැවිරිදි දරුවාගේ අවාසනාවන්ත ඉරණම ..

තනිව නිවසට ගිය පස් හැවිරිදි දරුවාගේ අවාසනාවන්ත ඉරණම ..

කිලිනොච්චිය ප්‍රදේශයේ කාන්තාවක් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව කරච්චිය ප්‍රදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙක් එම මුදල ලබා ගන්නා අවස්ථාවේදී එම කාන්තාවගේ නිවස ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේය.