අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

By Gagana News Feb 23, 2025 02:57 AM GMT
Report

අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.

 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

පසුගිය කාලවකවානුවේදී අපරාධ කල්ලි සඳහා දේශපාලන රැකවරණය නොමදව ලැබුණු බවද ඔහු එහිදී සඳහන් කර සිටියා.

 2023 වර්ෂයේ සිට මේ වනවිට අපරාධ සිදුවීම්වල වැඩිවීමක් පෙන්නුම්කරන බවත් වර්ථමානය වනවිට අපරාධ කල්ලි සඳහා කිසිදු දේශපාලන රැකවරණයක් නොලැබෙන පසුබිමක ඔවුන් විදෙස් රටවල සිට සහ බන්ධනාගාර තුළ සිටද මෙම මෙහෙයුම් සිදුකරන බවයි වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ.

 බන්ධනාගාර තුළ සිදුකරන මෙහෙයුම්ද මේ වනවිට ඉහළනංවා ඇති බව පවසන වැඩබලන පොලිස්පතිවරයා, ගුවන් මගින් පමණක් නොව බෝට්ටු මගින්ද අපරාධකරුවන් පලායන අවස්ථා දක්නට ලැබෙන බවද සඳහන් කර සිටියා.

 කෙසේ වෙතත් නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩිකර ඇති බවයි මෙම මාධ්‍ය හමුවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසා සිටියේ  

සංජීව ඝාතකයාගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

සංජීව ඝාතකයාගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි

තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි