තමන් පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි සජබ මන්ත්‍රීවරයෙක් කියයි

By Gagana News Feb 23, 2025 02:41 AM GMT
Report

තමන් පාතලයේ ඉලක්කයක් වී ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා පවසනවා.

අයවැය විවාදයට එක්වෙමින් ඔහු කියා සිටියේ පාතාලය මෙරටින් තුරන් කිරීම සඳහා ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බවයි.

කෙසේවෙතත් මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව බිඳ වැටීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළ නමක් සම්බන්ධයෙන් සංවාදයක් හට ගත්තා.

එලෙස නමක් ප්‍රකාශ කළේ කුමන අරමුණකින් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. 

සංජීව ඝාතකයාගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

සංජීව ඝාතකයාගේ වට්ස්ඇප් සංවාදයක් එළියට

ඉන්දු - ශ්‍රී ලංකා ‌බෝට්ටු සේවාව යළි ඇරඹේ

ඉන්දු - ශ්‍රී ලංකා ‌බෝට්ටු සේවාව යළි ඇරඹේ