විදුලි සේවකයන් නැවතත් වර්ජනයකට - හේතුව මෙන්න

Report

ලංකා විදුලිබල විශ්‍රාම යෝජනා ක්‍රමය ඉල්ලුම් කළ සේවක පිරිස සඳහන් කරන ආකාරයට සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි බල මණ්ඩලය ඈවර කිරීමේ දිනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළහොත් දැනුම්දීමකින් තොරව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට නිරතවන බව විදුලි බල වෘත්තිය සමිති විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරන බව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සේවක පිරිස පිරිස වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අදාළ වෘත්තිය සමිති නායකයින් විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපිය ලංවිම සාමුහික අදහස් නියෝජනය නොකරන බවය.

ආයේ මාළු කන්න වෙන්නෙත් නෑ - මාළු මිල ඉහළ යයි

ආයේ මාළු කන්න වෙන්නෙත් නෑ - මාළු මිල ඉහළ යයි

වෘත්තිය සමිති විසින් බලශක්ති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලීම් හුදු හිස් ඉල්ලීම් බවත් එම කරුණු තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට බාධා කිරීම හෝ එම ප්‍රතිසංස්කරණ නැවැත්වීම බවත් අදාළ සේවක පිරිස චෝදනා කර තිබේ.

විශ්‍රාම ඉල්ලුම් කළ සේවක පිරිස පෙන්වා දෙනුයේ අදාළ වෘත්තිය සමිති ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ගෙන් 25%ක සාමාජිකත්වයක්වත් වාර්තා කර නොමැති බවත් විශ්‍රාම යෝජනා ඉල්ලුම් කළ බවත්ය. එමෙන්ම කිසියම් හෝ ආකාරයකින් මෙම ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට හෝ ප්‍රමාද කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට සිය සේවක පිරිස විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත්ය.

රාජ්‍ය ආයතන රැසක කරන්න යන වෙනස - ළඟදිම මේ තනතුරු

රාජ්‍ය ආයතන රැසක කරන්න යන වෙනස - ළඟදිම මේ තනතුරු