ආයේ මාළු කන්න වෙන්නෙත් නෑ - මාළු මිල ඉහළ යයි
ට්‍රැක්ටර්වලට සවිකළ වින්ච් යන්ත්‍ර යොදාගනිමින් සිදුකරන මාදැල් ධීවර කර්මාන්තයට වත්මන් ආණ්ඩුව මඟින් පනවා ඇති තහනම ඉවත් කරන මෙන් ඉල්ලා මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය නිසා මේ වනවිට වෙළෙඳපොළේ මාළු මිල ගණන්වල සුළු වැඩිවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
ඒ අනුව මෙම තත්ත්වය හමුවේ මාළු වෙළෙන්ඳන් ප්‍රකාශ කරන්නේ මේ දිනවල වෙළෙඳපොළ වෙත පැමිණෙන මාළු තොග ප්‍රමාණයේ අඩුවක් පවතින බවයි.
එබැවින් එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙසේ මාළු තොග මිල ගණන් මෙන්ම සිල්ලර මිල ගණන්ද සුළු ලෙස ඉහළ යන බව ඔවුන් පවසයි.
එවැනි තත්ත්වයක අද (10) දින පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ මාළු තොග මිල ගණන් ලෙස කෙලවල්ලා මාළු කිලෝවක් රුපියල් 2,700ක්, තෝර මාළු කිලෝවක් රුපියල් 3,600ක් සහ පරා මාළු කිලෝවක් රුපියල් 3,000ක් වශයෙන් දැක්වුණු බව සඳහන්.
ඊට අමතරව සාලයා මාළු කිලෝවක් රුපියල් 700ක්, ලින්නා මාළු කිලෝවක් රුපියල් 900ක් සහ බලයා මාළු කිලෝවක් රුපියල් 2,000ක් ලෙසද මිල ගණන් සටහන්ව තිබූ බව වාර්තා වේ.
මේ අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ, මෙම සත්‍යග්‍රහය තවදුරටත් දිගු වුවහොත් මාළු මිල ගණන් තවත් ඉහළ යා හැකි බවයි.