විශ්‍රාමික නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු අල්ලස් දැලේ
නාවික හමුදා වෛද්‍ය සහායකයෙකු රුපියල් ලක්ෂ දෙකක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට තිබේ .
දෙමාපියන්ගෙන් කොළඹ ජනප්‍රිය පාසලක පළමු ශ්‍රේණියට සිසුවියක් ඇතුළත් කර දීමට අවශ්‍ය කටයුතු සලසාදීම සඳහා සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ .
මේ පිළිබද වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ තවද සැකකරු විසින් ලක්ෂයක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගෙන ඇත.
ඒ වගේම ඉතිරි මුදල ලබාගැනීමට යාමේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කර තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.