අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාමසේවක මාට්ටු
කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලය දුටුවැව පාර, කපුගොල්ලැව, හොරොව්පතාන ප්‍රදේශයේ පිහිටි පදවි රක්ෂිතයක අනවසරයෙන් පස් කපමින් සිටි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකු ස්කෙයාවෙටර් වර්ගයේ බර යන්ත්‍රයක් සහ ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගත් බව සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දුටුවැව පාර, කපුගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිලධාරිවරයෙකි.
මෙම පුද්ගලයා ඇතුළු පිරිසක් විසින් පදවි රක්ෂිතය තුළ අනවසරයෙන් පස් කපා ඒවා අලෙවි කරන බවට යුද හමුදා බුද්ධි නිලධාරින් ලබාදුන් තොරතුරක් මත කහටගස්දිගිලිය වන අඩවි කාර්යාලයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇති බවද සඳහන් වේ.