විශ්‍රාමික ගුවන් නියමුවෙක් අබිරහස් ලෙස ජීවිතක්ෂයට - ලැඟුම්හලක් කැළඹේ
අද (28) දින මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරයක් තුළ මියගොස් සිටියදී සොයාගත් ජර්මන් ජාතික විශ්‍රාමික ගුවන් නියමුවෙකුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන මෙන් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා විසින් පොලිසියට නියෝග කර ඇත.
ඒ අනුව මෙම මරණය සිදුව තිබූ ඒත්තුකාල, සාන්ත සෙබස්තියන් පෙදෙසේ පිහිටි පුද්ගලික ලැඟුම්හලට පැමිණි ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහි ස්ථානීය පරීක්ෂාවක් සිදු කර තිබුණා.
එහිදී මෘත දේහය මීගමුව මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝග කර ඇත.
මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..වෙඩික්කරුගෙන් ඇඟ හිරි වැටෙන පාපොච්චාරණයක්
එසේම අධිකරණ වෛද්‍ය නිලධාරිනී අයි.එම්. තිබ්බටුවාව ද එහි ස්ථානීය පරීක්ෂණයක් සිදු කර තිබුණා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෙලාඩි අක්මඩ් ජෝකිම් (Beladi Achmed Joachim) (70) නමැති ජර්මන් ජාතික විශ්‍රාමික ගුවන් නියමුවෙක් බව සඳහන්.
එසේම ඔහු වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිට ඇති බව මූලික විමර්ශනවලදී හෙළිව ඇත.
ඊට අමතරව ඔහු මීට පෙර ශ්‍රී ලාංකික කාන්තාවක් හා විවාහ වී සිට ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා නීත්‍යානුකූලව වෙන්වී ඇති බවත් වාර්තා වේ. එසේම මෙම මරණයට හේතුව මේ වන තෙක් නිශ්චිතව හෙළි වී නොමැති බව පොලිසිය ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් මීගමුව මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන බව සඳහන්.