මල්අතු ඔයට පැන්න මව බේරාගනී - දරු දෙදෙනා සොයා මෙහෙයුම්
සියදිවි හානි කර ගැනීම සඳහා මල්අතු ඔයට පැන්න මවක් සහ දරුවන් දෙදෙනෙකු සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක කණ්ඩායම මෙහෙයුමක් ආරම්භ කර ඇත
. ප්‍රදේශවාසීන්ගේ හා ජීවිත ආරක්ෂක කණ්ඩායමේ සහායෙන් එම මවගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබේ.
නමුත් දරුවන් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් මේ වනවිටත් සිදු කරනු ලබයි.
පොලීසිය සදහන් කළේ මොරටුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40ක් පමණ වයසේ පසුවන දෙදරු මවක් තම දරුවන් දෙදෙනා සමග අද (02) උදෑසන මෙලෙස මල්අතු ඔයට පැන ඇති බවයි.
එලෙස මේ වන විට සොයන දරුවන් දෙදෙනා අවුරුදු 4 හමාරක් සහ අවුරුදු 8 ක් වන දැරියක් සහ පිරිමි දරුවෙක් වේ.
පොලීසිය සඳහන් කළේ මෙම දෙදරු මවගේ සැමියා විදේශගතව සිටින බවත් පවුල් ආරවුලක් හේතුවෙන් මෙසේ සියදිවි නසා ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වන බවයි .
එම ප්‍රදේශයේ මල්අතු ඔය අසබඩ සිටි ප්‍රදේශවාසියෙකුට කාන්තාවක් කෑ ගසන හඬ ඇසී තිබිණි.
ඉන් පසුව එම පුද්ගලයා විසින් ප්‍රදේශවාසීන්ගෙන් ද සහාය ඇතිව කාන්තාව බේරාගෙන අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගෙන යෑමට කටයුතු කර ඇත.
මේ වන විටත් දරුවන් දෙදෙනා සොයා අනුරාධපුර පොලීසියේ ජීවිත ආරක්ෂක අංශය විසින් මෙහෙයුම් සිදු කරනු ලබයි.