මුහුදේ දියවැලකට හසු වූ විදෙස් කත හා ඇගේ දරුවා
හික්කඩුව, පන්නම්ගොඩ වෙරළ තීරයේ ඊයේ (26) දිය නෑමට ගිය විදෙස් කාන්තාවක් සහ ඇගේ දරුවා, දියවැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී, හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබේ.
ඊයේ දහවල් කාලයේදී වෙරළේ රාජකාරී යෙදී සිටි උපපොලිස් පරික්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් (87162) දිසානායක සහ පොලිස් කොස්තාපල් (96221) දුමින්ද යන නිලධාරීන් විසින් ඔවුන් දෙදෙනා බේරාගෙන තිබේ.
අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන් ජාතික, අවුරුදු 42 කාන්තාවක් සහ ඇගේ අවුරුදු 14 පුත්‍රයා ය.