ක්ෂේත්‍ර 10ක්..නව ජනපති අනුර ධුරකාලයේ පළමු මාස 6තුළ කරන්න හදන දේ..?

Anura Kumara Dissanayaka Government Of Sri Lanka President of Sri lanka Latest Headlines
By Sewvandhi Sep 23, 2024 04:32 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලංකා වාණිජ මණ්ඩලය ද අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුභාශිංසන එක්කර තිබේ.

එම මණ්ඩලය, මෙම සන්දර්භය තුළ සහ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට සහ ලංකා වාණිජ මණ්ඩලයේ VISION 2030 ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව, ධුරකාලයේ පළමු මාස 6තුළ ආර්ථිකයේ ක්ෂේත්‍ර 10ක් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

"..ලිහල බැලිය යුතු මල්ල - ඔබලා බැලීම අනවශ්‍යයි.. දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින්න.." ජනපති මොකක්ද මේ කියන්නේ..?

"..ලිහල බැලිය යුතු මල්ල - ඔබලා බැලීම අනවශ්‍යයි.. දින දෙකක් තුළ සිදු වන්නේ කුමක්දැයි බලා සිටින්න.." ජනපති මොකක්ද මේ කියන්නේ..?

ඊට අනුව මෑතකදී වාණිජ ණය හිමියන් විසින් නිකුත් කරනු ලැබූ නිචේදනය මත පදනම්ව බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන සමඟ ඉදිරියටයාමත්,

වත්මන් බදු ගෙවන්නාට බරක් නොවනසේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි රාජ්‍ය වියදම්වල අපේක්ෂිත වෙනස්කම් සහ විශ්වසනීය ආදායම් යෝජනා ක්‍රියාත්මක කිරීමත්,

වීසා ගැටලුව වහාම විසඳීම,

ආර්ථික පරිවර්තන පනත,

රාජ්‍ය ණය කළමනාකරණ පනත,

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ ශ්‍රී ලංකා විදුලිබල පනතට අදාළ නීති ක්‍රියාත්මක කිරීම

, චීනය, ඉන්දියාව සහ ඉන්දුනීසියාව සමග වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා යළි ආරම්භ කිරීම

ඇතුළු ඉල්ලීම් 10 ක් ඊට ඇතුළත් වේ.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%