නව සසකාවා අනුස්මරණ මධ්‍යස්ථානය විවෘත වෙයි
නව සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා - ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද 11 දින සහභාගී වූවාය.
එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය, නව සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා - ජපාන සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වයේ සංකේතයක් බව පැවසුවාය.
සසකාවා අනුස්මරණ ශ්‍රී ලංකා–ජපාන සංස්කෘතික මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලය විසින් ආරම්භ කරන ලද මෙම මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව සහ ජපානය අතර සංස්කෘතික, අධ්‍යාපන, වෘත්තීය පුහුණුව සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියකි.
මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමරු ඵලකය නිරාවරණය කළාය.
බිහිසුණු අවදානමක් ලංකාවට - හදිසියේම ජනාධිපති ඇතුළු පිරිස රැස්වෙයි - කන්න බොන්නවත් නැතිවෙන එල් නිනෝ තත්ත්වය අතළග
ආරක්ෂක අමාත්‍යාංශය සහ සසකාවා සාම පදනම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද අග්‍රාමාත්‍යතුමිය සහ ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා මහතා ඉදිරියේ සිදු කෙරිණි.
උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සහ ජපානය අතර මිත්‍රත්වය දිගුකාලීන සංස්කෘතික හා ආධ්‍යාත්මික බැඳීම්වලින් පෝෂණය වී ඇති බවත්, ස්වභාවධර්මය, සංස්කෘතිය, අධ්‍යාපනය සහ ප්‍රජා ජීවිතය පිළිබඳ පොදු අගයන් දෙරටේ ජනතාව සමීප කර ඇති බවත්ය.
සසකාවා මධ්‍යස්ථානයේ දිගුකාලීන දායකත්වය පිළිබඳව සඳහන් කළ ඇය, ජපන් භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ දෙරටේ ජනතාව අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා එය අමිල සේවාවක් ඉටු කර ඇති බව පැවසුවාය.
නව මධ්‍යස්ථානය සංස්කෘතික හුවමාරු, අධ්‍යාපනික සහයෝගීතාව සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා සක්‍රීය වේදිකාවක් වනු ඇතැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩිවෙමින් පවතින ගෝලීය අවිනිශ්චිතතාවය හමුවේ අන්‍යෝන්‍ය ගෞරවය, පොදු අගයන් සහ සාමය සඳහා වූ කැපවීම මත ගොඩනැගුණු හවුල්කාරීත්වයන් වෙන කවරදාටත් වඩා වැදගත් බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
එමෙන්ම ශ්‍රී ලංකාව සහ ජපාන රජයන් අතර පවතින කැපවීම ද ඇය තහවුරු කළාය.
මෙම අවස්ථාවට ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකියෝ ඉසෝමාටා, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි, ජපානයේ නිප්පොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා, සසකාවා මධ්‍යස්ථාන භාරකාර මණ්ඩලයේ සභාපති ප්‍රේමලාල් ප්‍රනාන්දු යන මහත්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.