යුක්රේන කාන්තාවක් නිසා ඇවිළුණු ගල්කිස්ස - යුක්රේන කාන්තාව අත්අඩංගුවට
ගල්කිස්ස ප්‍රදේශයේදී යුක්රේන ජාතික කාන්තාවක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවකට පහර දී ඇති බව වාර්තා වේ.
එම ගැටුම නවත්වීමට පැමිණි පොලිස් නිලධාරියෙකුටද එම කාන්තාව විසින් පහර දී ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාළ 37 හැවිරිදි යුක්රේන ජාතික කාන්තාව කලත්‍ර වීසා මත වසර 18ක් පුරාවට රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි බවද අනාවරණය වී ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ පහරදීම, පොලිස් රාජකාරියට බාධා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා යටතේ ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව, අධිකරණය විසින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.