විවාහත් කල් දාන්න වෙන ලකුණු.. මෙන්න රෙජිස්ට්‍රාර්වරු ගත්ත අලුත්ම තීරණය..

Government Employee Sri Lanka Strike Sri Lanka
By Piyumika Jun 26, 2024 08:01 AM GMT
Piyumika

Piyumika

Report

ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රෙජිස්ට්‍රාර් සේවයේ නියුතු නිලධාරින් හෙට (27 වැනිදා) සහ අනිද්දා (28 වැනිදා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර ඇත.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරින් අයෙක් රෝහලේ..

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් සේවා නිලධාරි සංගමයේ ලේකම් ප්‍රභාත් එන්. ගුණවර්ධන පවසන්නේ 1864දී ආරම්භ කරන ලද මෙම දෙපාර්තමේන්තුව සඳහා විධිමත් සේවා ව්‍යවස්ථාවක් හෝ බඳවා ගැනීමේ පටිපාටියක් නොමැති බවයි.

ඒ නිසා සුදුසු වැටුප් පරිමාණයක් නොමැති නිසා නිලධාරීන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

ඇති වූ සැකයකට පරීක්ෂා කිරීමේදී 17 හැවිරිදි සිසුවෙකු ලග තිබී හමු වු දේ..

ඇති වූ සැකයකට පරීක්ෂා කිරීමේදී 17 හැවිරිදි සිසුවෙකු ලග තිබී හමු වු දේ..

මෙම ගැටලුව විසඳා ගැනීමට 2016 වසරේ සිට විවිධ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරමින් වසර අටක කාලයක් ගත කළ නමුත් මේ දක්වා සතු⁣ටුදායක ප්‍රතිචාරයක් නොලැබීම මත ඊට විරෝධය පා මෙලෙස වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැළෙන බවද හෙතෙම කීවේය.