ලක් මවට ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කම දිනා දුන් නෙත්මි..

Report

ස්පාඤ්ඤයේ පොන්ටවේද්‍රා නුවරදී ඊයේ (6) පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක මල්ලවපොර ශූරතාවලියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.

ප්‍රසිද්ධ පාසලක සිසුන් හතර දෙනෙකු අතුරුදහන්..

ප්‍රසිද්ධ පාසලක සිසුන් හතර දෙනෙකු අතුරුදහන්..

ලෝකඩ පදක්කම් තරගය අතරතුර, 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම්ලාභී අහිංසා, මධ්‍යස්ථ මලල ක්‍රීඩිකා Valeria Mikitsich 6-2 ලෙස පරාජය කළාය.

මීට පෙර අහිංසා විසින් සුදුසුකම් ලැබීමේ වටයේදී කසකස්තානයේ යෙංගිලික් කබිල්බෙක් ලකුණු 10-0කින් පරාජය කළ අතර, පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී බල්ගේරියාවේ නිකොල් ක්‍රසිමිරෝවා 10-0ක් ලෙස පරාජයට පත් විය.

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

අමානුෂික ලෙස මුහුණ දෙකට ‌වෙන්වෙන්න කපා ඝාතනය කළ කාන්තා මළ සිරුරක්..

අර්ධ අවසන් පූර්ව වටයේදී ඇය හංගේරියාවේ ලිලියානා කපුවාරි ලකුණු 14-3කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි අතර එහිදී චීනයේ ජින් ෂැන්ග් හමුවේ වට 2-2ක් ලෙස පරාජයට පත් වූ ඇය ලෝකඩ පදක්කම් තරගය දක්වා පෙරමුණ ගෙන සිටියාය.