මල් ශාලාවක් උනු ෆාමසිය..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Funeral
By Piyumika
යාපනය නගරයේ පවත්වා ගෙන යන පෞද්ගලික ඔසුසලක් තුළ මෘත දේහයක් දින දෙකක් තිස්සේ තබා ගෙන පසුව ආදාහනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය සෞඛ්‍ය නිලධාරීන් විසින් ඊයේ (22) පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
මෙම ඔසුසල යාපනය නගරයේ නිවසක පවත්වා ගෙන යන අතර, එහි අයිතිකරුගේ මාමණ්ඩිය මියයාමෙන් අනතුරුව අවමංගල උළෙල පවත්වා ඇත්තේ එම ඔසුසල තුළ බවයි පැවසෙනුයේ.
එම ඔසුසල තිබූ ඇතැම් ඖෂධ වර්ග රාක්කවලින් ඉවත් කොට මෘත දේහය තැම්පත් කර තැබීම සඳහා කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇති අතර, එම නිලධාරීන් පැමිණිල්ලට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ .
