මෙච්චර කාලයකට ලංකාවේ මේ වගේ සැණකෙළියක් දැකලා තියෙනවාද? - පොල් රුප්පාවක් මැද අපූරු අත්දැකීමක්. - (VIDEO)

Report

උතුරේ ජනතාවට මෙන්ම දෙස් විදෙස් සංචාරකයින්ටද වෙනස්ම අත්දැකීමක් ගෙනදුන් ආහාරපාන සැණකෙලියක් ඉකුත්දා කිලිනොච්චියේ අයියකච්චිහිදී පැවැත්වුණා.

උතුරු පළාතට ආවේණික ආහාර වර්ග ඇතුළු දේශීය ආහාරපාන මෙන්ම විදේශීය ආහාර වර්ග රැසකිනුත් සමන්විත වුණු මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලැබුවේ කිලිනොච්චියේ රේචා ඕගනික් ෆාම් හි සභාපති කන්දයියා බාස්කරන් මහතා විසින්.

නැටුම් ගැයුම් ඇතුලු විනෝදාස්වාද අංගයන්ගෙන් මෙන්ම විවිධ සංස්කෘතිකාංගයන්ගෙන්ද හැඩවුණු මෙම ආහාර සැණකෙලිය පැවැත්වුණේ කිලිනොච්චියේ, අයියකච්චිහි පිහිටි පොල් රුප්පාවක සෙවණින් වටවුණු රේචා ඕගනික් ෆාම් නිවාඩු නිකේතනයේදීයි.

මෙම සැණකෙළියට පැමිණි ජනතාවගෙන් ලද ඉහළ ප්‍රතිචාර නිසාම මේ ආහාර සැණකෙලිය අද එනම් 13 වන දින සහ 14 වන දිනටත් පවත්වන්නට සංවිධායකයින් තීරණය කොට තිබෙනවා.

ReeCha Organic Farm