හැමෝටම හික් ගෑවෙන රතු ඉරි

Report

මේ දවස්වල සමාජ මාධ්‍ය ඇතුළේ පිස්සුවෙන් වගේ සංසරණය වෙන කතාවක් තමයි මේ රති ඉරි සීන් එක.

කාගේ හරි ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන ෆොටෝස් එහෙම හැම තැනම බෙදා ගන්නේ හාස්‍යයට වගේම උපහාසෙටත් එක්කයි.

ඒ වගේම තවත් පිරිසක් හොයනවා මොකක්ද මේ රතු ඉරි කතාව කියලා.

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

දෙයියනේ පාසලට කඩා වැටුණු ගුවන් යානය නිසා ළමයි 16 ක් ඇතුළු 19 දෙනෙක් මරු කටට, 100ට තුවාල

ඉතින් එහෙම හොයන අය දැන ගන්න ඕනේ දෙයක් තමයි මේ ‘S Line’ කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් සීරීස් එක.

කතාංග හයක් තියෙන මේ සීරීස් එක පහුගිය ජූලි 11 තමයි රිලීස් වුණේ.

මේ වෙන කොට ඒකේ කතාංග කීපයක් නිකුත් වෙලා ඉවරයි. මේ කතාවේ හැටියට තියෙන එක අමුතු කණ්නාඩි 2ක් නිසා තමයි මේ හැමදේම පටන් ගන්නේ.

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

ගොඩ බාන්න ඔන්න මෙන්න තියෙද්දි තවත් එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරක

කොච්චර අමුතුද කියනවා නම් කණ්නාඩි දෙක දාගත්තම ඒ හරහා පේන අයගේ Sexual Relationships ගාණ Red lines වලින් දැකගන්න ලැබෙනවා.

ඒ කියන්නේ ඒ පුද්ගලයා කීදෙනෙක් එක්ක ලිංගිකව හැසිරිලා තියෙනවද සහ කාත් එක්කද කියලා.

මොකද ඒ රතු ඉරි සම්බන්ධ වෙන හැටි පවා කණ්නාඩි දෙක දාගෙන ඉද්දි බලා ගන්න පුළුවන්.

ඕක තමයි සමාජ මාධ්‍ය ඇතුළේ පෝස්ට්වලින්, වීඩියෝවලින් වගේම විවිධ මීම්වලිනුත් මේ දවස්වල සංසරණය වෙන්නේ.

හැබැයි ඇත්තටම සීරීස් එක ඇතුළේ කතාව මීට වඩා ටිකක් වෙනස්.

කොහොම වුණත් මේ සීරීස් එකේ අන්තිම කතාංග දෙක ජුලි 25 වෙනිදට නිකුත් වෙනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ.

කොහොම වුණත් මේ වෙද්දිත් කතාව කෙසේ වෙතත් මේ රතු ඉරි සීන් එකනම් බරටම හැමෝම අතරේ වයරල් වෙලා ඉවරයි.   

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්

රාජ්‍ය ආදායම වැඩිවෙලා, මහ බැංකුවෙන් ලංකාවටම සුබ ආරංචියක්