ප්‍රමිතියෙන් තොර වැඩිහිටි නිවාස වසා දැමීමේ සූදානමක්
නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන ලෙස පවත්වාගෙන යන වැඩිහිටි නිවාස සහ සුරැකුම් මධ්‍යස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා සඳහන් කළේ වැඩිහිටි තැනැත්තන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා අවශ්‍ය රෙගුලාසි මේ වනවිට සකස් කර අවසන් කර ඇති අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවයි.
පළාත් සභා සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව මෙම රෙගුලාසි ගැසට් කිරීමට නියමිත බව ද ඔහු පැවසීය.
“මම හයියෙන් කෑ ගැහැව්වා ඇදන් හිටිය ඇදිවත විතරයි අන්තිමට මට ඉතුරු - එකපාරටම ගින්නක් පත්තුවෙනවා දැකලා එළියට දිව්වා" වැඩිහිටි නිවාසයේ බිහිසුණු අනතුරට මුහුණ දුන් දයාසීලි මව
නව රෙගුලාසි ක්‍රියාත්මක වීමෙන් පසු දිවයින පුරා පවත්වාගෙන යන සියලුම වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන ඒවාට අනුකූලව කටයුතු කළ යුතු වන අතර, ලියාපදිංචි නොවූ හෝ නීත්‍යානුකූල නොවන ස්ථානවල වැඩිහිටියන් රඳවා තැබීමෙන් වළකින ලෙස භාරකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
වැඩිහිටි නිවාස අතර ඇතැම් ආයතන ඉහළ මට්ටමේ සේවාවන් සපයන නමුත්, සමහර ස්ථානවල ප්‍රමාණවත් පහසුකම්, ආරක්ෂාව සහ අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එවැනි ප්‍රමිතියෙන් තොර ආයතන ඉදිරියේදී පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බවත්, ඒ සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, දිවයින පුරා ලියාපදිංචි වැඩිහිටි නිවාස 455ක් පමණ ක්‍රියාත්මක වන අතර, රජය සෘජුව පවත්වාගෙන යන වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 03ක් බව ද අනාවරණය වී තිබේ.