දිවයින වටා සක්‍රීය තත්ත්වයක් ගැන කාලගුණයෙන් ‍රතු නිවේදනයක් - හෙට උදේ 7 දක්වා වලංගුයි

Report

දිවයින වටා වන මුහුදු තීරයේ පවතින සක්‍රීය කාලගුණ තත්ත්වය හේතුවෙන් තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (10) පෙ.ව. 07.00 සිට හෙට (11) පෙ.ව. 07.00 දක්වා ඉදිරි පැය 24 ක කාලයක් සඳහා වලංගු බව සඳහන්.

අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ට වඩා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවයි.

එබැවින් නැවත දැනුම්දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවලට යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත. එසේම මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වා මෙන්ම ගාල්ල සිට මාතර දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද සඳහන්.

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

අද 2න් පස්සේ රටේ පළාත් රැසක වෙන්න යන දේ - සුළු මොහොතකට පෙර නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් මේ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවයි.

ඊට අමතරව මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, ඒ සමගම එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක් ද පවතින බව සඳහන්.

එබැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ඉදිරියේ දී නිකුත් කරනු ලබන නිවේදන පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

QR ක්‍රමවේදය සහ ඉන්ධන ලබාදීමේ සීමාවන් සම්බන්ධයෙන් දිවයිනටම සතුටු හිතෙන ආරංචියක්

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

පොහොට්ටුව දෙදරයි - ප්‍රධාන නියෝජිතයින් පිරිසක් සර්වජන බලයට එකතු වේ

Gallery