මුළු ලංකාවට සුබම සුබ ආරංචියක්
2026 වසර ආරම්භ වූ සමයේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉහළම සංචාරක පැමිණීමක් වාර්තා කර තිබේ.ඒ අනුව ජනවාරි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 277,327ක් වන අතර, එය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ 252,761 සංචාරකයින්ගේ සීමාව මැද අභිබවා යාමකි.
ජනවාරි මාසය තුළ සාමාන්‍යයෙන් දිනකට 8,946 සංචාරකයින් මෙරටට පැමිණ ඇති අතර, ජනවාරි 15 වැනිදා පමණක් 10,483 සංචාරකයින් පැමිණීම විශේෂත්වයක් ලෙස සලකනු ලැබේ.
ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වැඩිම වශයෙන් 52,061ක් වාර්තා වී ඇති අතර, දෙවන ස්ථානයේ එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් 29,540ක් සහ තෙවන ස්ථානයේ රුසියාවෙන් පැමිණි සංචාරකයින් 27,134ක් වන බව වාර්තා වෙයි.
ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 20 කින්, එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින් සියයට 36 කින් ඉහළ ගොස් ඇති අතර, රුසියානු සංචාරකයින්ගේ පැමිණීම සියයට 26 කින් පහත වැටී ඇති බවද සඳහන් වේ.
කතානායක නිලකාමරේ අස්සේ එක එක කුපාඩිකම් කරන්න බෑ - තොත්තු දෙන ඒවා කවන ඒවා කරගන්න තැන් තියෙනවා - චාමර යකා නටයි
සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ, 2026 වසරේදී රජය අවම වශයෙන් සංචාරකයින් මිලියන 3ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති බවයි.
2025 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියන 2.36ක් පැමිණි අතර, එය එතෙක් වාර්තා වූ ඉහළම වාර්ෂික අගය ලෙස සලකනු ලැබේ.