ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ මරණවලට හේතුව මෙන්න

Sri Lanka Public Health Inspector Sinhala news
By Akash Mar 30, 2025 05:30 PM GMT
Akash

Akash

Report

මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%කට බෝ නොවන රෝග හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දත්තවලට අනුව අවුරුදු 60 වඩා වැඩි ජනතාවගෙන් 35% අධිරුධිර පීඩනයෙන් පෙළෙන බවයි.

සුපිරි පන්නයේ තෑග්ගක් නයන් තාරාට...

සුපිරි පන්නයේ තෑග්ගක් නයන් තාරාට...

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව නොදැනීම හේතුවෙන් වාර්ෂිකව 60,000කට ආසන්න සංඛ්‍යාවක් ආඝාතයට ගොදුරු වන බවත් ඉන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව මියයාමට හෝ ආබාධිත තත්ත්වයන්ට පත්වන බවයි.

පොලිසියෙන් දැනුම් දීමක්...

පොලිසියෙන් දැනුම් දීමක්...

අමාත්‍යවරයා පැවසුවේ, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 20%ක් දියවැඩියාවෙන් පෙළෙන අතර ඔවුන්ගෙන් 41%ක ප්‍රමාණයක් ප්‍රතිකාර ලබා නොගන්නා බවයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ, මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය හා ප්‍රවේශය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ලෝක බැංකුවේ මූල්‍යාධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිත “ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින්.

ReeCha