සුපිරි පන්නයේ තෑග්ගක් නයන් තාරාට...

Nayanthara One India Tamil Cinema Indian Actress
By Akash Mar 30, 2025 04:01 PM GMT
Akash

Akash

Report

සුපිරි කොලිවුඩ් තරු නිළි නයන්තාරා සහ ඇගේ සැමියා වූ චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් පසුගියදාක නවීන පන්නයට තැනූ සුපිරි චිත්‍රාගාරයක හිමිකරුවෝ වූහ.

ඔවුන් චිත්‍රාගාරය මිලට ගත්තේ කාගෙන්ද? එය ඔවුන් දෙදෙනාගේ නිර්මාණශීලී අදහස් මත ඉතා අලංකාරෙටත් සුඛෝපභෝගීවත් ගොඩනැගූවක් විය. නිර්මාණ වූයේ ඔවුන් වසන නිවෙසට යාබදවය.

පොලිසියෙන් දැනුම් දීමක්...

පොලිසියෙන් දැනුම් දීමක්...

එහි වරෙක එය නාගරික සුපිරි පැලැන්තියට ඔබින්නකි. තව විටෙක රූස්ස වන ලැහැබක සිරියකි. තවත් තැනෙක අලංකාර පොකුණු මෙන්ම කොළ පැහැති තණකොළවලින්ද පිරුණකි. සුදු වැලිවලින් අනූන තවත් සොඳුරු තෝතැන්නක් ගහකොළ පිරුණු වන ලැහැබ අසලින් වේ.

එය චිත්‍රාගාරයක්ද? නැතිනම් සුන්දර දූපතක්ද? සත්තකින්ම ඇස් දසදහසකුත් මදිය කියලා හිතෙන තරමයි එහි ලස්සන බලන්න.

එච්චරටම නයන්තාරා-විග්නේෂ් ශිවන්ගේ ආදර එකමුතුවෙන් තැනුණු චිත්‍රාගාරය අතිශයින්ම අලංකාරයි. එය වර්ග අඩි 7,000කින් අනූන වූවකි.

එහි පෙනුමට පසුබිම් කරගෙන තිබුණේ යටත්විජිත විලාසිතාවටය. පදිංචිය සඳහා නිවෙසක් ආකාරයට පළමුව පිළිසකර වූ කලාත්මක ඇසකට අසුරු සැණින් හසුවන මේ අපූරු චිත්‍රාගාරය සැලැස්ම පසුව චිත්‍රාගාරයක් වෙනුවෙන් නිර්මාණය කරන්නට නයන්ට සිතී තිබිණි.

සුනාමි අනතුරු අඟවයි...ප‍්‍රබල භූමිකම්පාවක්..

සුනාමි අනතුරු අඟවයි...ප‍්‍රබල භූමිකම්පාවක්..

‘නියමයි, ඒක මරු අයිඩියා එක…’ විග්නේෂ් සිය ප්‍රියම්බිකාවගේ අදහස මිතුරු සිතින් අනුමත කළේය. නිවෙසක් වසා එය පියකරු චිත්‍රාගාරයක් කරලීමට ගතවූයේ දවස් 60කි.

ඒ පරිවර්තනයෙන් නයන්තාරා බොහෝ සතුටු වූවාය. අඩඳුර අවැසි තැන අඩඳුරු තැන්ද, විසල් ආලෝකය අවැසි විට එයද, මඳ ආලෝකය අවැසි නම් එයද පහසුවෙන් නිර්මාණය කරගත හැකි මේ පුදුමාකාර චිත්‍රාගාරය වටින මුදලක් ගෙවා බලන්නට තරම් මිල කළ නොහැකි තරම් වටිනා එකකැයි එය බලන්නට ගිය ප්‍රවීණ ජනප්‍රිය කොලිවුඩ් නළු මාධවන් සිය ඉන්ස්ටර්ග්‍රෑමයේ සටහන් කොට තිබුණේය.

‘නයන් සහ ශිවන් සොඳුරු නිවෙසින් විස්මිත චිත්‍රාගාරයට…’ මාධවන් සිය සටහනට සිරස්තලය දැමූයේ එහෙමය.

ReeCha