උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා - පීලි පැන්න පේරාදෙණිය-කොළඹ කොටුව දුම්රිය ගැන අලුත්ම තත්ත්වය මෙන්න

Report

පීලි පැනීමට ලක්වූ පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මේ වන විට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන වග දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

පීලි පැනීම හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා ප්‍රකාශ කරයි .

දුම්රිය පීලිගත කිරීමට අමතරව එම අනතුර සිදුවූ ස්ථානයේ දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකස් කිරීමේ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති බවත් පෙර දින දෙකෙහිදිම මෙම ප්‍රදේශය ආශ්‍රිතව වර්ෂාපතන තත්ත්වයක් ඇතිවිම මෙම අනතුර සිදුව ඇති බවත් එතුමා ප්‍රකාශ කරයි

බැංකු කිහිපයකම ඩොලරයේ මිල නොවෙනස්ව - අද දිනයේ ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

බැංකු කිහිපයකම ඩොලරයේ මිල නොවෙනස්ව - අද දිනයේ ඩොලර් ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

දුම්රිය ගමනාගමන අධිකාරීවරයා සදහන් කළේ මේ වන විට දුම්රිය පීලි ගත කිරීමේ කටයුතු සිදුවන බැවින් හැකි ඉක්මනින් උඩරට දුම්රිය ගමනාගමන කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි .

යුද බිය මැද වුවද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට - G7 රටවලින් ගත් තීරණය මෙන්න

යුද බිය මැද වුවද ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට - G7 රටවලින් ගත් තීරණය මෙන්න

තව දුරටත් එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

"අපි බලාපොරොත්තු වෙනවා සවස් කාලයේදී කාර්යාල දුම්රිය ධාවනය කරන්න නමුත් ඒක දුම්රිය පීලිගත කිරීමත් එක්ක තමයි තීන්දු කරන්න වෙන්නේ. තාමත් ඒක නිෂ්චිතව කියන්න බෑ පුළුවන්ද බැරිවෙයිද කියලා. මේ වන විට දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සිදුකරමින් පවතිනවා. පීලි පැනපු දුම්රිය ධාවනයට සුදුසුයිද කියලා කොළඹ ගෙනල්ලා තමයි තීන්දු කරන්න වෙන්නේ. "