මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරය හිස් වේ..

Report

මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී.පී. අතළුවගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

අදාළ ඉල්ලා අස්වීම ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුවත් කර ඇති බවත් ඔහු පවසා සිටියේය .

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ගමන් ගත් රථයක් හදිසි අනතුරකට ලක් වේ..

මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්තනෝමතික මැදිහත්වීම හා අනිසි බලපෑම් හේතුවෙන් එම තීරණය ගත් බවයි හෙතෙම පැවසුවේ .

පසුගිය කාලසීමාව තුළ එම අනිසි බලපෑම් සහ මැදිහත්වීම් නිරන්තරයෙන් සිදුවූ අතර වර්තමානයේ දී ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම් සිදුකළ බව ඔහු සඳහන් කළේය.

'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' තර්ජනය කොට මුදලුත් සොරාගෙන් පැන ගිහින්..

'අවේලාවේ මෙතැන මත්පැන් පානය කරන්නේ කෙසේදැයි' තර්ජනය කොට මුදලුත් සොරාගෙන් පැන ගිහින්..

පසුගිය වසර හතරහමාරක සේවා කාලය තුළ මාර්ග සංවර්ධන අධිකාරියේ කීර්තිනාමයට කැළලක් ඇති නොවන අයුරින් හා සේවකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ පවත්නා නීති රෙගුලාසිවලට අනුකූළව විනිවිදභාවයකින් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතීන්ට යටත්ව රාජකාරී සිදුකළ බව අතළුවගේ සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කර ඇත.

කෙසේවෙතත් තවදුරටත් මෙවැන් අත්තනෝමතික ක්‍රියා සිදුකරනු ලබන නිලධාරියෙකු යටතේ සේවය කිරීමට ඇති අකමැත්ත මත මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තීරණය කර ඇති බව ඔහු අදාළ ලිපියෙන් සඳහන් කර තිබේ.