අම්මෝ නළුවා - ඉන්දියාවෙන් නම කාගෙන දැන් ලංකාවේ මොකක් කරන්නද හදන්නේ මේ? [PHOTOS]
ඉන්දීය ජනප්‍රිය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන්, ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (19) පැවැත්වුණා.
මෙම හමුව සම්බන්ධයෙන් සටහනක් අමාත්‍යවරයා ඔහුගේ නිල Facebook පිටුවේ දැක්වෙමින් තිබුණේ, ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීම අරමුණු කරගත් වැදගත් සාකච්ඡාවක් එහිදී පැවැත්වූ බවයි.
ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ පොහොසත් සංස්කෘතිය විදෙස් ප්‍රවර්ධනය කිරීමට නව චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපෘති සහ සංගීත ප්‍රසංග පිළිබඳ අවධානයද එහිදී යොමු වී තිබුණා.
ශ්‍රී ලංකාවේ ඇති අද්විතීය ස්ථාන වෙත විදෙස් චිත්‍රපට සහ සංගීත නිෂ්පාදන වැඩි වශයෙන් ආකර්ෂණය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් පවසනවා.
නමුත් රවී මෝහන් නොහොත් ජෙයම් රවී මේ වනවිට ඉන්දියාවේ විශේෂයෙන් තමිල්නාඩුවේ එච්චර හොද නමක් දිනාගත් නළුවකු නම් නොවේ .
ටික කලකට පෙර ඔහු සියලු දෙනාගේ ආදරණිය තරුව බවට පත්ව සිටියත් හිටි හැටියේම තම ආදරණිය බිරිද හා දරුවන් දෙදෙනා අත්හැර නිවසින් ගොස් ජිවත් වීමත් පසුව ඒ කෙනිෂා නම් ගායිකාවක් සමග ජිවත්'වන බවත් ඇතිවූ සිදුවීම් සමග ඔහු රසිකයන්ගේ අපහාසයට පාත්‍ර විය.
ඔහු මුලදී නැහැ කෙනිෂා මිතුරියක් පමණක් බව පවසා සිටියත් පසුව ඇය සමග ආදරණිය පෙම් යුවලක් මෙන් ප්‍රසිද්ධියේ හැසිරීම ඔහුව තවදුරටත් පිළිකුල් වීමට හේතු විය.
තවමත් ඔහුගේ නිත්‍යානුකුල බිරිද ආර්ති රවී වන නමුත් නීතියෙන් දික්කසාද වීමට පෙරම කෙනිෂා ලෙස ආදරණිය ලෙස දිවි ගෙවීම රසිකයන්ගෙන් මොහුව ඈත කිරීමට හේතු විය.
ඔවුන්ගේ මෙම ශ්‍රී ලංකා සංචාරය පිළිබද අමාත්‍යවරයා මෙලෙස සදහන් කළේය.
ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සමඟ හමුවක් අද උදෑසන එක් වුණා. ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු කරගත් වැදගත් සාකච්ඡාවක අපි නිරත වූයෙමු. ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද අපගේ සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අපි බලාපොරොත්තු වෙමු.
Had an incredible meeting with renowned Indian actor/producer Ravi Mohan and sensational singer Keneesha Francis to discuss groundbreaking projects in film production and musical concerts, all aimed at boosting Sri Lanka’s film tourism! We’re set to bring captivating stories and electrifying performances to stunning Sri Lankan locations.















