"මේ දිවි ගමනේ නුඹවයි පැතුවේ" ඩ්‍රිම් ස්ටාර් අන්ජලිටත් මංගල සීනු නාද වෙලාද? [PHOTOS]
අපි හැමෝම දන්නා සංගීතයෙන් හදවත්වලට වලට ලං වෙලා හිටපු අන්ජලී හේරත්.
ඔව්.. දෙරණ ඩ්‍රිම් ස්ටාර් Season 11 තරඟයේ ජයග්‍රාහිකාව අන්ජලී.
ඇය කොහොමත් ඇගේ ලස්සන කටහඩින් සහා එයාටම ආවේණික වෙච්ච විලාසිතාවකින් රසිකයන්ගේ සිත් ඇද බැද තබන්නට සමත් වූ තරුණ ගායිකාවක්.
ඒ වගේම මේ දවස් වල අපි සුලභව දකින දෙයක් තමයි අපි ආදරය කරන තරු රසික රසිකාවියන්ටත් හොරෙන් විවාහ වෙන එක.
මේකත් එහෙම දෙයක්ද? අන්ජලිත් ආදරයෙන් බැදිලද ඉන්නේ?
එයාට ආදරය කරන හැම කෙනෙක්ගෙම හිතට ප්‍රශ්නයක් ඇති කරමින් තමයි ඇය තරුණයකු සමග සමීපව ගත්ත චායාරුප පෙළක් ඇයගේ ෆේස්බුක් ගිණුමේ උඩුගත කළේ.
නෑ... නෑ ... රසිකයන් කලබල වෙන්න දෙයක් නෑ..
මේ හැමදේම ඉස්සරහට එන්න තියෙන ගීතයක් වෙනුවෙන් සිදු කල පොටෝශුට් එකක් කියලා ඇයම පළ කරලා තියෙනවා
මේ දිවිගමනේ මං මාවතේ..👫
නුඹ නමින් ආදරේ ආදරේ ලියවුනේ..😘❤️🫶
අපේ ආදරේ "නුඹවයි පැතුවේ" සම්පූර්ණ ගීතය හෙට හවස 04:00ට අහමූ බලමූ❤️
#anjaliherath #anjuherath #BornToSing❤️🎙️🙋









