වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම සම්බන්ධයෙවන් පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනයකට යාමට තීරණයක් ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ට අමතර රාජකාරී දීමනාව මූලික වැටුපෙන් 1/80ක් ලෙස ලබා දුන් අතර නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක් ලෙස ලබා දී තිබිණි. මෙවර 2025 අයවැයෙන් එම දීමනා අමතර රාජකාරී දීමනාව 1/120 බවටත්, නිවාඩු දින දීමනාව 1/30ක් ලෙසටත් වෙනස් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසන්නේ ; "06 වෙනිදා වන විටත් මේ නිවැරදි කිරීම කරන්න, 07 වෙනිදා ඉඳන් අපි දැඩි තීන්දු තීරණ ගැනීමට නියමිතයි. 07 වෙනිදායින් පසු රජයට නැවත වරක් දෙවරක් සිතන්න වෙයි සෞඛ්‍ය සේවා පවත්වා ගන්නේ කොහොමද කියලා." යනුවෙන් ලේකම්වරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළේය.

අතුරුදන් කළ පුංචි ඡන්දය අත ළඟට එයි! නාමයෝජනා කැඳවීම දෙසතියකින්

අතුරුදන් කළ පුංචි ඡන්දය අත ළඟට එයි! නාමයෝජනා කැඳවීම දෙසතියකින්

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ඉන්ධන ප්‍රශ්නෙන් ආණ්ඩුව ෆේල්! සජිත්ගෙන් සැර ප්‍රකාශයක්