හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යළි රිමාන්ඩ්..
By Piyumika
නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් භාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ දෙසැම්බර් 06 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ අද (02) ඔවුන් දෙපළ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
මිරිහාන, ඇඹුල්දෙණිය ප්‍රදේශයේදී හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට අයත් තෙමහල් නිවසක තිබී ලියාපදිංචි නොකළ ලෙක්සස් වර්ගයේ මෝටර් රථයක් පසුගියදා මිරිහාන පොලිසිය විසින් සොයාගැනීමට සමත් වූ අතර, ඒ චෝදනා හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටියා.
You may like this video