මත්තලට මොකද වෙන්නේ ..පිටරටට පැවරීම සම්බන්දව කැබිනට් තීරණය...

Sri Lanka Sri Lanka Cabinet Mattala International Airport
By Piyumika Dec 02, 2024 06:04 AM GMT
Piyumika

Piyumika

Report

 මත්තල ගුවන් තොටුපොළ වසර තිහක කාලයකට ඉන්දියානු සහ රුසියානු අනුබද්ධ සමාගමකට පැවරීමට පසුගිය ආණ්ඩුව ගෙන තිබූ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකෙරෙන බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කළේය.

මීට අදාළ ගිවිසුම කෙටුම්පත් කිරීම ද එවකට වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය ආරම්භ කර තිබිණි.

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට අස්වැසිල්ලක්...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ධීවරයින්ට අස්වැසිල්ලක්...

එහෙත් එවැනි ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම පවතින තත්ත්වයට විසඳුමක් ‍නොවේය යන්න වත්මන් ආණ්ඩුවේ අදහස වී තිබෙන බවත් ඉහත ආරංචි මාර්ග කීවේය.

මත්තල ගුවන් තොටුපොළේ පසුගිය වසරේ අලාභය රුපියල් කෝටි දෙසිය දොළහකට අධිකය.

එම වසරේ වියදම රුපියල් කෝටි 241කට අධික වන අතර ආදායම ලෙස ලැබී ඇත්තේ රුපියල් කෝටි විසි අටකි.

සැවොම හදුනන සුරූපී නිළියකට අත් වූ අවාසනාවන්ත ඉරණම.. වහාම විමර්ශන අරඹයි..

සැවොම හදුනන සුරූපී නිළියකට අත් වූ අවාසනාවන්ත ඉරණම.. වහාම විමර්ශන අරඹයි..

2018 වසරේ සිට මේ දක්වා වූ වසර හයේ දී ගුවන්තොටුපළේ ශුද්ධ අලාභය රුපියල් කෝටි තුන්දහස් අටසිය හතළිස් අටක් බව ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබිණි.

ගුවන්තොටුපළ ඉදි කළේ වසරකට දස ලක්ෂයක මගී ධාරිතාවක් අපේක්ෂා කරමින් වුව ද පසුගිය සය වසර පුරාවට ක්‍රියාත්මක වී ඇත්තේ ගුවන් ගමන් 2182ක් පමණි.

මෙහෙම දෙයක් පවුල වෙනුවෙන් කරන්න බැරි නම් ජනපති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා ජනාතිපතිවරයෙක් කරපු දෙයක්..

මෙහෙම දෙයක් පවුල වෙනුවෙන් කරන්න බැරි නම් ජනපති කමෙන් ඇති වැඩේ මොකක්ද කියලා ජනාතිපතිවරයෙක් කරපු දෙයක්..

ගුවන්තොටුපොළ ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තුන්දහස් හයසිය පනස් හයක් වැය කර තිබෙන අතර එම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 190ක ණයක් එවක ආණ්ඩුව ලබා ගෙන ඇත.

එම ණය සඳහා වන වාර්ෂික පොලිය රුපියල් කෝටි එකසිය පනස් නවයක් වන අතර එම පොලිය ගෙවන්නේ ගුවන්තොටුපළ සහ ගුවන්සේවා සමාගමෙනි.  


You may like this video

ReeCha