රු.40,000ක් දක්වා.. ඛාණ්ඩ 3ක් යටතේ දරුවන්ට.. ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් කැඳවීමක්.. මෙන්න මේ දවසෙන් අවසන්..

Report

2024 වර්ෂයට අදාළව 'රටවිරු දූ දරු' ශිෂ්‍යත්වය සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් මස 31 වැනිදායින් අවසන් වේ.

ඒ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

මේ සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පිළිබඳ පාසල් මට්ටමින් විගමණික ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් දැනුවත් කිරීමට විදුහල්පතිවරුන්ගේ අවධානය යොමු කරන ලෙස කාර්යාංශය පැවසීය.

මෙම ශිෂ්‍යත්වය සඳහා www.slbfe.lk යන වෙබ් අඩවියට පිවිස අයදුම්පත් බාගත කර ගැනීමේ හැකියාව පවති.

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

කථානායක තනතුර අශෝකගෙන් ගැලවෙයි?. ප්‍රශ්නයක් වුණ ආචාර්ය උපාධිය.. වහා අද කරන්න යන දෙය මෙන්න..

එමෙන්ම, මේ පිළිබද වැඩිදුර විස්තර 0112 365 471 යන දුරකථන මාර්ගය ඔස්සේ හෝ www.slbfe.lk යන කාර්යාංශ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව රැකියා සඳහා පමණක් විදේශගතව සිටින ලාංකික දෙමව්පියන්ගේ දරුවන් වෙනුවෙන් ය.

එම ශිෂ්‍යත්වයන් කාණ්ඩ තුනක් යටතේ පිරිනමනු ලබයි.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

දෙසැම්බර් මාසයට අදාළව.. ලක්ෂ ගාණකගේ බැංකු ගිණුම් වලට අද වැටෙන දීමනාව මෙන්න.. සතුටුයි නේද?.

ඒ අනුව, රුපියල් 25,000 ක් 05 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන්ටද, රුපියල් 30,000ක් සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන්ට මෙන්ම රුපියල් 40,000ක් උසස් පෙළ විභාගය සමත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ හෝ වෙනත් පාඨමාලා සඳහා සුදුසුකම් ලබා ඇති දරුවන් හට පිරිනැමීමක් සිදුකරන බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ ය.

You May Like This Video👇 

.