ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත බිලිගත් ඛේදවාචකය ගැන රෂිඩ් හා නබිගෙන් දැඩි විරෝධය

Report

ඇෆ්ගනිස්තාන ජ්‍යේෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන මොහොමඩ් නබි හා රෂිඩ් ඛාන් විසින් පාකිස්තානය, ඇෆ්ගනිස්තානයේ පක්ටිකා ප්‍රදේශයට එල්ල කළ ගුවන් ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

ඒ එම ප්‍රහාරයෙන් එරට දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළු 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමකයි.

ඒ අනුව රෂීඩ් සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තානයට එල්ල වූ පාකිස්තාන ප්‍රහාරවලින් සිවිල් වැසියන්ගේ ජීවිත අහිමිවීම ගැන අතිශයින් කණගාටුවන බව සඳහන් කර ඇත.

ත්‍රස්ත ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයන් 3ක් මරුට

ත්‍රස්ත ප්‍රහාරයකින් ක්‍රිකට් ක්‍රීඩකයන් 3ක් මරුට

"ජාත්‍යන්තර වේදිකාවේ තම රට නියෝජනය කිරීමට සිහින මැවූ කාන්තාවන්, දරුවන් සහ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත බිලිගත් ඛේදවාචකයක්. සිවිල් වැසියන් ඉලක්ක කරගැනීම අතිශයින්ම ම්ලේච්ඡ ක්‍රියාවක්. මෙම අසාධාරණ සහ නීති විරෝධී ක්‍රියාව මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. එය නොසලකා හැරිය යුතු නොවේ. අහිංසක ජීවිත බිලිගැනීම සැලකිල්ලට ගනිමින් පාකිස්තානයට එරෙහිව ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිගන්නවා. මෙම දුෂ්කර අවස්ථාවේ දී මම අපගේ ජනතාව සමග. අපගේ ජාතික ගෞරවය අන් සියල්ලටම වඩා ඉදිරියෙන් තිබිය යුතුයි" යනුවෙන් රෂිඩ් පවසා ඇත.

මේ අතර මොහොමඩ් නබි සඳහන් කළේ මෙම ප්‍රහාරය පක්ටිකාට පමණක් නොව සමස්ත ඇෆ්ගන් ක්‍රිකට් පවුලට සහ සමස්ත ජාතියටම ඛේදවාචකයක් බවයි.

"මෙම ප්‍රහාරය ඇෆ්ගනිස්තාන ප්‍රජාව කම්පනයට කළා. විපතට පත් වූවන් සහ ඔවුන්ගේ පවුල්වලට විශාල ශෝකයක් ඇතිකළා"

එසේම ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ෆසල්හක් ෆාරුකි විසින් මෙම සිදුවීම 'සමාව දිය නොහැකි දරුණු අපරාධයක්' බව දක්වයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ජීවිත තර්ජනයක්? පරීක්ෂණ අරඹයි

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට ජීවිත තර්ජනයක්? පරීක්ෂණ අරඹයි

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි

ක්ලබ් වසන්තව මරන්න "ටැටූ මල්ලී"ව තොර ගත්තේ මගේ ගමේ කෙනෙක් හින්දා - ලොකු පැටී වමාරයි