ජනප්‍රිය රැප් ගායකයෙන් ප්‍රසංගයක් අතර තුරදී ඇඳවැටී මියයයි..
By Aruna
ජනප්‍රිය රැප් ගායක ෆැඩ්මන් ස්කූප් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 53ක් වූ අතර ඔහු අමෙරිකානු ජනප්‍රිය රැප් ගායකයෙක් වනවා.
ඔහු හැම්ඩන් නගරයේ ප්‍රසංගයක් අතරතුරදී වේදිකාව උඩදී එක්වරම බිම ඇද වැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම නගරයේ නගරාධිපති ලෝරන් ගැරට් ෆේස්බුක් වෙත සටහනක් තබමින් පවසා සිටියේ, රැප් ගායකයා ගිලන් රථයකින් ප්‍රාදේශීය රෝහලකට ගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි.
ඔහුගේ ගීත ලොව පුරා අසංඛ්‍යාත රසිකයින් පිරිසක් එම නිර්මාණ වටා එක් වී සිටි අතර, ස්කූප් සංගීත ලෝකයේ ආදරණීය චරිතයක් වූ සුප්‍රසිද්ධ ගායකටක් වනවා.

